Message of Imam Khamenei on 2019 Hajj pilgrimage, in SINHALA language Message of Imam Khamenei on 2019 Hajj pilgrimage, in SINHALA language Message of Imam Khamenei on 2019 Hajj pilgrimage, in SINHALA language بعثه مقام معظم رهبری در گپ بعثه مقام معظم رهبری در سروش بعثه مقام معظم رهبری در بله
Message of Imam Khamenei on 2019 Hajj pilgrimage, in SINHALA language Message of Imam Khamenei on 2019 Hajj pilgrimage, in SINHALA language Message of Imam Khamenei on 2019 Hajj pilgrimage, in SINHALA language Message of Imam Khamenei on 2019 Hajj pilgrimage, in SINHALA language Message of Imam Khamenei on 2019 Hajj pilgrimage, in SINHALA language

Message of Imam Khamenei on 2019 Hajj pilgrimage, in SINHALA language

Message of Imam Khamenei on 2019 Hajj pilgrimage, in SINHALA language

උත්තරීතර ආධ්‍යාත්මික නායක

ඉමාම් සෙයියද් අලී කාමෙනෙයි මැතිඳුන්

නිකුත් කරන හජ් පණිවුඩය - 2019

අසීමිත කරුණාවන්ත සහ දයාවන්ත දෙවියන් වහන්සේගේ නාමයෙනි.

ප්‍රශංසා සියල්ල සියලු ලෝ පරිපාලකයා වන අල්ලාහ්ටම හිමිය. විශ්වාසනීය, ගෞරවණීය අවසන් පණිවුඩකරු වූ මුහම්මද් නබි තුමා වෙතත් එතුමන්ගේ ඥාතීන්, විශේෂයෙන්ම අවසාන වශයෙන් පහළවීමට නියමිත ගැලවුම්කාරයා, එතුමන්ගේ ශ්‍රාවකයින් මෙන්ම අවසාන දිනය එළඹෙන තෙක්ම එතුමන් යහතින් අනුගමනය කරන සියලුම බැතිමතුන්ට අලාහ්ගේ ආශීර්වාදය හිමිවේවා.

වසරක් පාසාම එළඹෙන හජ් සමය ඉස්ලාමීය ජනසමාජය වෙත දෙවියන් වහන්සේගේ ආශීර්වාදය පතනය වන කාලයයි. ‘හජ් සඳහා පැමිණෙන ලෙස මිනිසුන්ට ආරාධනය කරන්න’ යන කුර්ආනීය කැඳවුම ඉතිහාසය පුරාම දේවාශීර්වාදය භුක්ති විඳීම සඳහා කෙරෙන නිත්‍ය ආරාධනය වේ. මෙම ආශීර්වාදෙන් දේවියන් වහන්සේ වෙත නැඹුරු වූ මිනිසුන් සහ මනස, ඔවුන්ගේ සිතුවිලි, අභිප්‍රාය මෙන්ම දැක්ම ද ඉන් ඵල නෙලාගනු ඇත. වාර්ෂිකව රොක්වන මිනිසුන් පිරිසක් මගින් හජ් තුලින් උකහා ගන්නා සිතුවිලි සහ පාඩම් මුළු ලොවටම බෙදා දෙනු ලබනවා.

හජ් වන්දනය තුලින් දෙවින් වහන්සේට කීකරුවීමේ සහ භාවනාවේ අමෘත සුවය ලැබෙනවා. පුද්ගලයාගේ සහ සමාජයේ උන්නතියටත් පෝෂණයටත් දියුණුවටත් අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතාවය මෙයයි. මුස්ලිම්වරුන් ඒකීය ජන සමාජයක් බවට සංඛේතවත් කරන මහා ජන සම්මේලනයේ දී මේවා පිළිබිඹු වෙනවා. එක්තරා අක්ෂයක් වටා රොක්වීම, එකම අරමුණකින් යුතුව වන්දනා ගමනක නිරතවීම මගින් ඒකදේව විශ්වාසය මත පදනම් වූ සමාජයක ක්‍රියාකාරීත්වය සහ උත්සාහය සනිටුහන් කරනවා. හජ් වන්දනයේ නිරතව සිටින බැතිමතුන් අතර ප්‍රකාශවන සමානාත්මතාවය, නොබෙදුණු ස්වභාවය මගින් සියලුම වෙනස්කම් ඉවතලා සම අවස්තාවන් සැමට පොදුවේ ලබාදීමට ඇති හැකියාව ප්‍රකාශ වෙනවා.

මේවායින් ඉස්ලාමීය ජනසමාජයට පදනම් වූ මූලිකාංග සැකවින් ප්‍රතිරූපණය කරනු ලබනවා. හජ් ක්‍රියාවලිය තුල සිදු කෙරෙන තවාෆ්, සඊ, රම්යු, නැවතීම, ගමන් කිරීම වැනි සෑම වතාවත් තුලින්ම ඉස්ලාම් අපේක්ෂා කරන සමාජ ක්‍රමය සතුව තිබිය යුතු විවිධ කරුණු විස්තර කරනු ලබනවා.

භූගෝලීය වශයෙන් දුරස්ථ රටවලින් සහ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව, තම තමන්ගේ දැනුම සහ තමන් සතු දේ අන්‍යොන්‍ය ලෙස හුවමාරු කර කරගැනීම, තොරතුරු සහ අත්දැකීම් බෙදාහදා ගැනීම, තම තමන්ගේ තත්ත්වයන් විමසා දැන ගැනීම, දුර්මත ඉවත ලා හදවත්වලින් සමීප වීම, තමන්ගේ පොදු සතුරාට මුහුණ දීම සඳහා අවශ්‍ය ධෛර්යය, ශක්තිය වඩවා ගැනීම ආදී මාහැඟි ප්‍රථිපල ද හජ් වතාවත් තුලින් අත්පත් කරගන්නවා. මෙවන් තවත් සිය ගණන් සම්මන්ත්‍රණ හෝ රැස්වීම් මුළු දුන්නත් මේවා අත්පත් කරගැනීමට හැකි නොවේ.

බරා’අත් වතාවත් හි තේරුම, [සතුරු බහුදේවවදීන් සමග සම්මුති කරගැනීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රකාශ කිරීම] සියලුම කාලවකාවානුවට අයත් අසාධාරණ බලවේගවල් සියලුම වර්ගයේ අඩන්තේට්ටම්, පීඩනය, කෝලාහල, අයුක්තිය ප්‍රතික්ෂේප කරමින් සෑම කල්හිම පවතින පීඩනයට සහ අයුක්තියට විරුද්ධව නැගී සිටීමයි. හජ් ක්‍රියාවලිය මගින් ලැබෙන විශිෂ්ටතම ආශීර්වාදයයි. පීඩිත මුස්ලිම් ජනයාට ලැබෙන අසමසම අවස්ථාවක්ද වෙනවා.

අද ඇමෙරිකාව ප්‍රමුඛ උද්ධච්ච පීඩකයින්ගෙන් සැදුම් ලත් දෙවහින්සනයේ සහ අදේවවාදයේ සන්ධානය වෙත තමන්ගේ සහයෝගය ප්‍රතික්ෂේප කිරීම වනාහී පීඩිත අහිංසක මිනිසුන්ගේ සංහාරය සහ යුද්ධය ප්‍රතික්ෂේප කිරීම වේ. ඇමෙරිකානු ත්‍රස්තවාදයේ හස්තයන් වන අයි.එස්.අයි.එස්. සහ බ්ලැක් වෝටර් වැනි කණ්ඩායම් ද ප්‍රතික්ෂේප කිරීමයි. කුඩා දරුවන් ඝාතනය කරන සියෝනිස්ත රාජ්‍යයට, එහි ආධාරකරුවන්ට සහ පාක්ෂිකයින්ට විරෝධය දැක්වීමයි.

බටහිර ආසියාවේත් උතුරු අප්‍රිකානු කේන්ද්‍රීය කලාපවල යුද්ධ ඇවිලීම සඳහා මාන බලාගෙන සිටින ඇමෙරිකාව සහ එහි හෙන්චයියන් හෙලා දැකීම හා සමානයි. එම බලවේග මගින් සාමාන්‍ය ජනයා මහා පරිමානයේ තාඩන පීඩනවලට ලක් කර ගෙන ඇති අතර දිනෙන් දින අලුතින් ගැටළු නිර්මාණය කරනවා. ජාතිවාදය, වර්ගවාදය මෙන්ම කුලමල, සමේ වර්ණ, භූගෝලීය වින්‍යාස මුල්කරගත් සියලුම වර්ගයේ වෙනස්කම් ප්‍රතික්ෂේප කිරීම වේ. ඉස්ලාම් මගින් සෑම සියලු දෙනා වෙනුවෙන්ම දේශනය කරනු ලබන ගෞරවණීය, යුක්තිසහගත, උත්තරීතර ක්‍රියාදාමයන්ට එරෙහිවන ආක්‍රමණකාරී මෙන්ම මිනිසුන්ට පීඩා ඇති කරන සෑම බලවේගවල කෘරත්වය ප්‍රතික්ෂේප කිරීම මෙයින් සිදු කෙරෙනවා.

මේවා ආබ්‍රහමික හජ් පිළිවෙතින් නෙලා ගන්නා වූ ප්‍රතිපල කීපයක් වේ. මේවා දෙසට නිර්මල ඉස්ලාමය මගින් අපට ආරාධනා කරනු ලබනවා. තවද මේවා ඉස්ලාමීය සමාජ ක්‍රමයේ අරමුණුවල ප්‍රකාශවීමක්. හජ් මගපෙන්වන අන්දමට මුස්ලිම් සමාජයේ කොටසක් විසින් මෙම දර්ශනය වසරක් පාසාම ක්‍රියාවට නංවනු ලබනවා. මෙවන් සමාජයක් ගොඩනැගීම සඳහා වෙර දරන ලෙස සුන්දර බසින් සියලු දෙනාට ඉස්ලාම් ආරාධනා කරනවා.

ඉස්ලාමීය සමාජයේ ව්ස්ග්ස්කීම් දරන පුද්ගලයින්ට භාරදූර, බරපතල මෙහෙවරක් පැවරෙනවා. මෙවැනි අයගෙන් කොටසක් දැනටමත් මෙම හජ් වන්දනයට සහභාගී වෙනවා ඇති. මෙයින් උගත් පාඩම් ගැන සමාජයට මහජන මතයටත් තමන්ගේ උත්සාහයෙන් සහ ඥානයෙන් ගෙන හැර දැක්වීමට ඔවුන් බැඳ සිටිනවා. සිතුවිලි, අභිප්‍රාය, අත්දැකීම්, තොරතුරු ආදීන්ගේ ආද්යාත්මික හුවමාරුව ඔවුන්ගේ සුරතින් ක්‍රියාවට නැංවීම සිදුවිය යුතුව තිබෙනවා.

වත්මන් මුස්ලිම් ලෝකයේ බරපතලම ගැටලුවලින් එකක් පලස්තීනයේ ප්‍රශ්නය. ඕනෑම ගුරුකුලයට ඕනෑම ජාතියකට අයත් වුවත් සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රධානතම දේශපාලන ප්‍රශ්නය මෙයයි. මෑත සියවස් තුල පලස්තීනය තුල මහා පරිමානයේ සාපරාධී ක්‍රියා පලස්තීනුවන්ට විරුද්ධව සිදු කෙරුනා. ඉතාමත් දුක් බරිත සිදුවීම් මාලාවක් මගින් එක ජාතියක ඉඩම්, නිවාස, ගොවිතැන්, ආදායම්, ගෞරවය, අනන්‍යතාවය වැනි සියලු දේ උදුරාගෙන තිබෙනවා. මෙම ජනයා මේවයින් කඩා නොවෙඅතෙඑ දිනෙන් දින ශක්තිමත් වෙමින් මෙ අසාධාරණයට විරුද්ධව සටන් වදිනවා. යහපත් ජයග්‍රහණයන් අත්පත් කරගැනීමට නම් සියලුම් මුස්ලිම්වරුන් ඔවුන්ට සහාය දැක්වීම අනිවාර්‍යයි.

‘සියවසේ ගනුදෙනුව’ නමින් රංග දක්වන්නට යෙදුනු මහා කුමන්ත්‍රණයට අවශ්‍ය පසුබිම ඇමෙරිකාව ප්‍රමුඛ පීඩාකාරී බලවේග මගින් සහ ඔවුන්ගේ අධාරකරුවන් මගින් සකස් කරගෙන යනවා. මෙය පලස්තීන ජාතීන්ට පමණක් නොව මුළුමහත් මිනිස් ජාතීන්ම විරුද්ධ සාපරාධී ක්‍රියාවක්. මෙම සතුරු කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා සියලුම පාර්ශ්ව මගින් කාර්යක්ෂම ලෙස සහයෝගය දක්වන ලෙස අපි ආරාධනා කාන්වා. විස්වාසවන්ත සහ ධෛර්යමත් ජන බලය අභියස මෙම සියලු කුමන්ත්‍රණ දෙවානුග්‍රහයෙන් පරාජයට පත්වීම ඒකාන්තයි.

දේව වාක්‍යය මෙසේය: ‘ඔවුන් කුමන්ත්‍රණ කිරීමට ඉදිරිපත්වෙනවා ද? සැබවින්ම කුමන්ත්‍රණය කරන්නේ දේව විශ්වාසය ප්‍රතික්ෂේප පරානෝ වෙති.’

සාර්ථකත්වය, සෞභාග්‍යය, නිරෝගීබව ලැබීමටත් සියලු වතාවත් ඉටුකර දේවාශීර්වාදය ලබාගැනීමටත් සියලුම හජ් බැතිමතුන් සඳහා ප්‍රාර්ථනා කරමි.

සෙයියද් අලී කාමෙනෙයි.


| شناسه مطلب: 95799







نظرات کاربران